Samsung Phone එකක් PC එකකින් Root කරන විදිය සරලව

👉Samsung Phone එකක් PC එකකින් Root කරන විදිය සරලව👈

👊 ඊට කලින් Root ගැන සරලව ,
✅  Android OS එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් User log හා System විදියට. User log කියන්නෙ File explore එකකින් අපට ලොග් වෙන්න පුළුවන් ටිකට(උදාහරන විදියට
photo,video,... වගේ ෆෝල්ඩර්). System කියන්නෙ Android OS එකට අදාල ෆය්ල්  වලට. ඉතින් මේ system file වලට file explore එකකින් access කරන්න බෑ. ඒ  system files වලට යන්න පුළුවන් විදියට අපේ
ෆෝන් එක හදාගන්න එකට තමය් device එක Root කරනව කියල කෙටියෙන් කියන්නෙ.ඉතින් රූට් කරාම ෆෝන් එකේ 100%ක් ම අය්තිකාරය වෙන්න පුළුවන්.


.
⚫⚫ වැදගත් ම එක තමය් රූට් කරාම පුළුවන් system file edit කරන්න. මේම edit කරල system එක develop කරන්නත් පුලුවන්. ඒත් මේ ෆය්ල් හරියටම එඩිට් කරන්න දැනගන ඉන්න ඕන, system file එකක් අපි
වැරදියට edit කරොත් ෆෝන් එකේ software crash වෙන්න පුළුවන්. ඒ කියන්නෙ software යන්න පුළුවන්. ඒත් ෆෝන් එකේ hardware වලට අව්ල් යන්නෑ. මේ නිසා තමය් අලුතෙන් ගන්න ෆෝන් වල root
access කරන්න බැරි වෙන්නත් රූට් කරපු ෆෝන් වලට warrenty නොදෙන්නත් හේතුව.
.
👊 ෆෝන් එකක් ක්‍රම දෙකකට රූට් කරන්න පුළුවන්
🔴 Kingo root, King root වගේ application වලින්
🔴 PC එකකින්
....👉 ඉතින් මේ කියන්න යන්නෙ PC එකකින් රූට් කරන විදිය, 👀
.
👆👉 අවශ්‍ය ද්‍රව්‍ය,
🔴 PC එකක්
.
🔴 DATA Cable
.
🔴 Samsung USB drivers(ෆෝන් එකේ Model Number එක google search කරල download කරල PC එකට install කරන්න)
Ex: ෆොන් එක S4 (SHV-E330S) එකක් නං SHV-E330S USB drivers කියල search කරන්න
.
🔴 ෆෝන් එකට ගැලපෙන Root file එක (ෆොන් එකේ Model Number එකට අදාල)
CF Auto root කියල google search කරන්න. Root file download Link එක 👇
https://autoroot.chainfire.eu/
(download කරපු zip file එක winrar වලින් extract කරන්න)
.
🔴 Odin software (Flash tool) link එක 👇  (download කරපු zip file එක winrar වලින් extract කරන්න)
https://samsungodin.com/
.
👊 Follow the steps...
👉
😁 ඉස්සෙල්ලාම ෆෝන් එකේ සෙටින් වලට ගිහින් USB Debugging ON කරන්න(settings>Developer options)(Settings වල Developer options කියල එකක් නැත්තන් About phone වලට ගිහින් Build Number
එක 7 පාරක් Tap කරන්න)
.

😁 දැන් ෆෝන් එක ඕෆ් කරල Power button එකය් Home button එකය් Volume Down button එකය් එකපාර ඔබාගෙන ඉන්න (home button එකක් නැත්තන් අනිත් බටන් දෙක විතරක් ඔබන්න) එහෙම ඔබාගන
ඉන්නකොට වෙනඳ විදියට ON නොවී වෙන window එකක් ඕපන් වෙය්. ඊට පස්සෙ Volume up key එක ඔබන්න. එහෙම එබුවම Andriod බබා වැටිල ඊට යටින් Downloading... කියල වැටෙය් දැන් ෆෝන්
එකේ වැඩේ හරි.
.
😁 ඊටපස්සෙ PC එකෙන් Odin Open කරන්න. (ඊට ඉස්සෙල්ලා PC එකට කලින් download කරපු USB drivers install කරන්න)
.
😁 දැන් ෆෝන් එක Data cable එකෙන් PC එකට කනෙක්ට් කරන්න. කනෙක්ට් උනාම Odin වල Added කියල වැටෙය් (Picture 02)
.
😁 දැන් Odin වල තියන AP කියන එක ඉස්සරහ Tick එකක් දාල, AP කියල තියන එක උඩ Click   කරල Download කරල extract කරපු Root file එක ඒකට Load කරන්න. ( Picture 01 )
.
😁 ඊට පස්සෙ Start click කරන්න. දැන් ෆෝන් එකේ Downloading... එකට යටින් පොඩි නිල් පාට ඉරක් පිරෙය්. ඒ ඉර පිරිල ඉවර වෙලා ෆෝන් එක Restart වෙනකන් Data cable එක ගලවන්න එපා.
.
😁 ටික වෙලාවකින් ෆෝන් එක ඔන් වෙය්... දැන් වැඩේ ඉවරය් ( Root checker app එකක් අරන් device එක Root වෙලාද කියල බලන්න පුළුවන් )
.
මේක ඉවර වෙනකන් කියෙව්වට Thank You ❤❤

0 Comments:

Post a Comment

 

Flickr Photostream

Twitter Updates

3/recent/post-list

Meet The Author

3/Food/post-list